03rd March 2020 11:45:43 Hours
යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපනික වැඩමුළුහී තවත් එක් පියවරක් වශයෙන් පෙබරවාරි මස 25 සිට 27 දින දක්වා ‘ප්‍රීතිමත් හමුදා ජීවිතය’ සහ ‘යහපත් පවුල් ජීවිතයක් වෙනුවෙන් ආකල්ප ප්‍රවර්ධනය කිරීම’ යන මාතෘකා යටතේ දේශන මාලාවක් පවත්වනු ලැබිණි.
මෙම දේශන මාලාවේ දී සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානය, දඹුල්ල පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානය සහ කුරුණෑගල, බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානය යන ස්ථානයන්හිදි නිවාරණ වෛද්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් ආර්.එම්.එම්. මොණරාගල ඇතුළු එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයින් තිදෙනෙකු විසින් ‘ප්‍රීතිමත් හමුදා ජීවිත’ පිළිබඳ දේශනයක් ඉදිරිපත් කරනු ලැබිණි.
එසේම, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ලුතිනන් කර්නල් බී.ජී.එස් සමන්ති විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව්, 59 වන සේනාංක මූලස්ථානය, 64 වන සේනාංක මූලස්ථානය සහ 68 වන සේනාංක මූලස්ථානය යන ස්ථානයන්හිදී ‘යහපත් පවුල් ජීවිතයක් සඳහා ආකල්ප ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ දේශනයන් පවත්වනු ලැබීය.
විවිධ ස්ථානයන්හි දී පවත්වනු ලැබූ මෙම දේශන මාලාවන් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න විසින් සම්බන්ධීකරණය කරන ලදී.affiliate link trace | 『アディダス』に分類された記事一覧