Header

Sri Lanka Army

Defender of the Nation

03rd March 2020 13:00:43 Hours

නව ඉඩම් හා දේපල භඨනිවාස අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් ජි.ඩබ්ලිව්.එල් මාහින්කන්ද නව ඉඩම් හා දේපල භඨනිවාස අධ්‍යක්‍ෂ ලෙස ඉකුත් සඳුදා (2) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී කෙටි උත්සවයක දී නව ධූරයේ රාජකාරි ආරම්භ කරනු ලැබීය.

ආගමික වතාවත්වලින් අනතුරුව, බ්‍රිගේඩියර් ජී.ඩබ්ලිව්.එල් මාහින්කන්ද සිය ධූරයේ රාජකාරීන් ආරම්භ කරමින් නිලධාරින් කිහිපදෙනෙකු ඉදිරියේ සංකේතාක්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.

මෙම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ හිටපු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු 58 වන සේනාංකායේ සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව එම තනතුර සඳහා නෙළුම් පොකුණ රඟහලේ විධායක අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් මාහින්කන්ද රාජකාරි භාරගනු ලැබීය. trace affiliate link | Nike Air Force 1 , Sneakers , Ietp STORE