Header

Sri Lanka Army

Defender of the Nation

03rd March 2020 15:00:43 Hours

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කළ දැවැත්න පා පන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය තියුණු උද්වේගකර සටනකින් අනතුරුව නිමාවට පත්වෙයි

පොදු ජනතාව අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකය විසින් සංවිධානය කළ අන්තර්සමාජ පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය ඉකුත් ඉරිදා (1) දින මුලතිව් මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සහභාගී විය.

මෙම ශූරතා තරඟාවලිය, මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් අඛණ්ඩව 3 වන වරටත් සංවිධානය කරන ලද අතර පෙබරවාරි මස 23 වන දින මුලතිව් දිස්ත්‍රික්කයේ සිවිල් පාපන්දු ක්‍රීඩා සමාජ 27 ක සහභාගිත්වයෙන් එම තරඟාවලිය පැවැත්විණි. සියළු ක්‍රීඩා සමාජ අතර පැවති තියුණු තරඟයකින් අනතුරුව ශාන්ත ජූඩ් පා පන්දු ක්‍රීඩා සමාජය සහ ශාන්ත අන්තෝනි පා පන්දු ක්‍රීඩා සමාජය අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් සපුරා තිබුණි.

තරඟාවලියේ අවසන් මහා තරඟයේදී, පා පන්දු ක්‍රීඩා සමාජ දෙකම කරට කර පවත්වන ලද උද්වේගකර සටනක නියැළුන අතර ක්‍රීඩා සමාජ දෙකම කිසිදු ගෝලයක් වාර්ථා කිරීමට සමත් නොවීය. ඉන් අනතුරුව පැවති දඬුවම් පහර වටයේදී ශාන්ත අන්තෝනි පා පන්දු ක්‍රීඩා සමාජය ඔවුන්ගේ ප්‍රතිවාදී කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය කරනු ලැබීය. තරඟාවලිය අවසානයේ, ශූරතා කුසලාන සහ අනෙකුත් සම්මාන ප්‍රදානය කිරීම සඳහා දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු අනෙකුත් ආරාධිතයින් සහභාගී වූ අතර තරඟාවලිය සඳහා සහභාගී වූ කුරුවිල් මහා විද්‍යාලීය පා පන්දු කණ්ඩායමේ දක්‍ෂතාවයන් ඇගයීමකට ලක් කරමින් ඔවුන් වෙත විශේෂ ත්‍යාගයක් ද පිරිනමනු ලැබීය.

මෙම තරඟාවලිය නැරඹීම සඳහා සර්ව ආගමික නියෝජිතයින්, දිස්ත්‍රික් ලේකම්වරුන්, බැංකු නිලධාරින්, ව්‍යාපාරිකයින් සහ පාපන්දු ලෝලීන් විශාල පිරිසක් ද සහභාගී වූහ.

68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජයන්ත රත්නායක ගේ උපදෙස් පරිදි මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 68 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි 682 සහ 683 වන බලසේනාවන් ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ තරඟාවලිය ඉතා සාර්ථක අයුරින් නිමාවට පත්විය. Best Authentic Sneakers | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf