Header

Sri Lanka Army

Defender of the Nation

03rd March 2020 11:00:43 Hours

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් නරියාකන්ද ප්‍රදේශයේ පැළ 2000 ක් සිටුවයි

‘සිරස’ රූපවාහිනී ‘ගම්මැද්ද’ වැඩසටහන යටතේ මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සෙනසුරාදා (29) දින දියතලාව නරියාකන්ද කඳුකර ප්‍රදේශයේ පැවති පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරින් සහ සෙසු නිලයින් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන් සහ ස්වෙච්ඡාවෙන් එම ව්‍යාපෘතිය සඳහා දායක වූ පුද්ගලයින් ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

‘පරිසර සංරක්‍ෂණය - රුක් රෝපණය’ යන සංකල්පය මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය පෙරවරු 8.00 ට පමණ ආරම්භ වූ අතර එම ප්‍රදේශයේ ඇති වනාන්තර පෝෂණය කිරීමේ අරමුණින් තෝරාගත් ඒ ආශ්‍රිත ප්‍රදේශවල පැළ වර්ග 2000 ක් පමණ රෝපණය කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා දායක වූ සියළු දෙනාට යුද්ධ හමුදා සාමාජිකයින් විසින් තේ පැන් සංග්‍රහයක් ද සූදානම් කර තිබුණි. buy footwear | Nike