Header

Sri Lanka Army

Defender of the Nation

03rd March 2020 17:00:43 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් නිකවැව දුෂ්කර ගම්මානයේ සිවිල් වැසියන්ට ජලය පිරිසිදු කිරීමේ උපකරණ සහ ටී ෂර්ට් බෙදාදෙයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 62 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි 621 වන බලසේනාවේ සම්බන්ධීකරණයෙන් යුතුව ඉකුත් ඉරිදා (1) දින වැලිඔය ඇතාවැටුනු වැව ප්‍රදේශයේ පිහිටි නිකවැව (දකුණ) ප්‍රජා ශාලාවේදී පැවති කෙටි උත්සවයකදී එම ප්‍රදේශයේ වෙසෙන දිළිඳු පවුල්වල සාමාජිකයින් හට ජලය පවිත්‍ර කිරීමේ උපකරණ සහ ටී ෂර්ට් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

621 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.පී වික්‍රමසේකර විසින් මධ්‍යම කොළඹ රොටරි සමාජය වෙතින් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් එම ප්‍රදේශයේ පවතින දරිද්‍රතාවය පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ දිළිඳු වැසියන් අතර ජලය පිරිසිදු කිරීමේ උපකරණ 50 ක් සහ ටී ෂර්ට් තොගයක් බෙදාදෙනු ලැබීය.

මෙම වැඩසටහනට කොළඹ මධ්‍යම රොටරි සමාජයේ සභාපති ගයාන් සමරවීර, වැළිඔය ප්‍රදේශයේ වෙසෙන නව ඉලෙක්ට්‍රොනික නවෝත්පාදනය පිළිබඳ විද්‍යාඥයෙකු වන ආචාර්ය අනුර රත්නායක, රොටරි සමාජයේ සාමාජිකයින්, 621 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වික්‍රමසේකර, 14 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මෙන්ම 621 වන බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසු නිලයින් සහ අවට ප්‍රදේශවාසීන් රැසක් ද එක්ව සිටියහ. Running Sneakers Store | Zapatillas de running Nike - Mujer