03rd March 2020 08:00:43 Hours
කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි 651 වන බලසේනාව යටතේ සේවයේ නියුතු 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස්හී සම්බන්ධීකරණයෙන් යුතුව නාච්චිකුඩා රජයේ මුස්ලිම් මිශ්‍ර පාසලේ පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ සහ පාසල් බෑග් බෙදාදීමේ ව්‍යාපෘතියක් ඉකුත් සිකුරාදා (28) දින පවත්වනු ලැබිණි.
මෙහිදී, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ‘හදබිම අධිකාරිය’ ඔවුන්ගේ තවත් එක් ප්‍රජා ව්‍යාපෘතියක් වශයෙන් පාසල් බෑග් 100 ක් මිලදී ගැනීම සඳහා අනුග්‍රහය දැක්වූ අතර එම අවස්ථාවේදී තෝරාගත් පාසල් සිසුන් සියදෙනෙකු අතර එම බෑග් සියය බෙදාදෙනු ලැබිණි.
65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එම්.එච්.ඩී බණ්ඩාර විසින් ලබාදුන් උපදසේ පරිදි 652 වන බලසේනාවේ භටපිරිස් විසින් මෙම පාසල් බෑග් බෙදාදිම සඳහා කෙටි උත්සවයක් සංවිධානය කරනු ලැබීය. තවද, මෙම පාසල් බෑග් බෙදාදීමේ ව්‍යාපෘතිය 651 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් අධීක්‍ෂණය කරනු ලැබ තිබිණි. Asics shoes | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify