04th March 2020 19:00:29 Hours
කඩවත ප්‍රදේශයේ නුගේගොඩ, මහර පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් ‘සිරසට 25 යි - ගෙවල් 25 යි’ එම්.ටී.වී. මාධ්‍ය ජාලයේ සුභසාධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ 8 වන නිවස විවෘත කිරීමේ උත්සවය සඳුදා (25) දින පැවැති අතර එම අවස්ථාවට වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟින් එම්.බී.සී හා එම්.ටී.වී. මාධ්‍ය ජාලයේ සමුහ අධ්‍යක්‍ෂ නීඩ්‍රා වීරසිංහ මෙනවිය, එම්.බී.සී. මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී නියෝමී නලවංස මෙනවිය, එම්.ටී.වී. මාධ්‍ය ජාලයේ මානව සම්බන්ධතා අධ්‍යක්‍ෂ ප්‍රියන්ත වීජේසිංහ සහ එම්.ටී.වී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී සුසර දිනාල් යන මහත්වරුන්ද සහභාගී වූහ.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ඉල්ලීමකට අනුව ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේ සේවයේ නියුතු හමුදා සාමාජිකයින්ගේ ඉංජිනේරු සහ තාක්‍ෂණික දැනුම යොදාගනිමින් ඉදිකරන ලද මෙම නිවසට අවශ්‍ය අමුද්‍රව්‍ය ‘සිරස’ රූපවාහිනි නාලිකාවේ සංවිධායකයින් විසින් සම්පාදනය කර තිබිණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සිරස මාධ්‍ය ජාලයේ සංවිධායකයින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඒ.එස්.පී. සිල්වා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව පෙරහැරකින් අභිනවයෙන් ඉදිකළ එම නිවස පිහිටි ස්ථානයට කැටුව යන ලදී. යුද්ධ හමුදාධිපතිතුමන් සහ සිරස මාධ්‍ය ජාලයේ නියෝජිතයින් එම ස්ථානයට පැමිණි විගසම නිවාසලාභි පවුලේ සාමාජිකයින් ඔවුන්ගේ කෘතඥතාවය පළ කළහ.
ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු සිරස මාධ්‍ය ජාලයේ නියෝජිතයින් එක්ව නව නිවසේ ප්‍රධාන දොරටුවේ පීත්ත පටිය කපා සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා නිවාසලාභියා වෙත නව නිවසේ යතුර ප්‍රදානය කළේය.
සිරස මධ්‍ය ජාලයේ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට යොමුකර ඇති අයදුම්පත් අතරින් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරින් සමඟ සාකච්ඡා කර සුදුසුකම් සපිරූ ප්‍රතිලාභින් තෝරාගන්නා ලදී. එ් අනුව, අනුග්‍රාහකයින් අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර දරුවන් කිහිපදෙනෙකුගෙන් යුත් අගහිඟකම් මධ්‍යයේ රැකවරණයක් නොමැතිව ජිවත්වන අඩු ආදායම්ලාභි පවුලක් අභිනවයෙන් ඉදිකරන ලද මෙම නිවස ප්‍රදානය කිරීම වෙනුවෙන් තෝරගෙන තිබුණි.
එහිදී පැවති කෙටි උත්සවයේදී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නීඩ්‍රා වීරසිංහ මෙනවිය සහ ප්‍රියන්ත විජේසිංහ මහතා පැමිණ සිටි සියලුදෙනා අමතා අදහස් ප්‍රකාශ කළහ. Nike air jordan Sneakers | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals