28th February 2020 11:58:33 Hours
යාපනය අර්ධද්වීපයේ සේවය කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීම සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ‘මත්ද්‍රව්‍ය නිවාරණය සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළැක්වීම’ යන මාතෘකාව යටතේ උපදේශන මාලාවක් පැවැත්වීය.
ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ලිංගාශ්‍රිත රෝග උපදේශක වෛද්‍ය ප්‍රියන්ත බටගල්ල සහ චාමර ප්‍රදීප් කරුණාරත්න විසින් පෙබරවාරි මස 25, 26, 27 සහ 28 යන දිනයන්හි දී පිළිවෙලින් 51, 52 සහ 55 සේනාංක මූලස්ථානයන්හි දී මෙම දේශන මාලාවන් පවත්වනු ලැබීය.
මෙම දේශන මාලාව සඳහා මනෝවිද්‍යා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම විශාල භටපිරිස් ප්‍රමාණයක් ද සහභාගී වූහ. Nike Sneakers | Air Jordan