01st March 2020 22:32:57 Hours
කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ තවත් එක් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස එහි භටපිරිස් විසින් ඉකුත් සෙනසුරාදා (29) දින ඉරනමඩු කනකම්බිගයි අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් සංවිධානය කරන ලදී.
මෙම ව්‍යාපෘතිය සඳහා කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් සිවුදෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 35 දෙනෙකු සහභාගී වූ අතර මෙම ප්‍රජා ව්‍යාපෘතිය ක්‍රියාවට නැඟීම පිළිබඳව හින්දු පූජකවරුන්ගේ මෙන්ම බැතිමතුන්ගේ ද ප්‍රශංසාව යුද්ධ හමුදාව වෙත හිමිවිය.jordan release date | NIKE