Header

Sri Lanka Army

Defender of the Nation

01st March 2020 22:43:43 Hours

ගිණිගත් කසල කන්දෙහි ගින්න නිවීමට හමුදා භටපිරිස් යුහුසුළු වෙති

කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි යන්තම්පලාව, සුන්දිරාපොළ කසළ කන්දේ ඉකුත් සෙනසුරාදා (29) දින මධ්‍යහනේ ඇති වූ ලැව් ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීමට බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 14 වන සේනාංකය යටතේ ඇති 143 වන බලසේනාවට අනුයුක්තව සේවයේ නියුතු 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සමත් වූහ.

හදිසියේ ඇති වූ මෙම ගින්න පිළිබඳව සැලවූ විගස 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරියෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 26 දෙනෙකු ගින්න හටගත් ස්ථානයට කඩිනමින් පැමිණියහ. බුල්ඩෝසර් යන්ත්‍ර දෙකක් ආධාරයෙන් මෙම ගින්න තවදුරටත් පැතිරීම වළක්වා ගැනීමට යුද්ධ හමුදා සමාජිකයින් සමත් වූහ.

එමෙන්ම, ගිනි නිවන භටයින් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් ද හෙලිකොප්ටරයක් ආධාරයෙන් එම ගින්න මැඩපැවැත්වීමට අවශ්‍ය ක්‍රියාන්විතයන්හී නියැළුනි.

143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.එම්.පී.ඩී දිසානායකගේ අධීක්‍ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.Asics footwear | Nike Off-White