28th February 2020 19:26:38 Hours
නුදුරේදී පැවැත්වීමට නියමිත ‘2020 - තෙවන ජාත්‍යන්තර Pakistan Army Team Spirit (PATS)’ තරඟාවලිය මාර්තු මස 01 සිට 05 දින දක්වා පකිස්තානයේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගැමුණු හේවා බළකාය සහ ගජබා රෙජිමේන්තුවේ නිලධාරින් දෙදෙනෙකු සහ සෙසුනිලයින් 7 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් සහභාගී වීමට නියමිතව ඇත. මෙම තරඟාවලිය සඳහා සහභාගී වන තරඟකරුවන් අද (28) දින සන්ධ්‍යාවේ පාකිස්තානය බලා පිටත්ව ගියහ.
සෙබලුන්ගේ ශාරීරික යෝග්‍යතාවය, උපාය මාර්ගික කුසලතා සහ ගුණාංග ප්‍රවර්ධනය, ප්‍රතිත්‍රස්ත මෙහෙයුම් වලදි භාවිතා වන සුළු පරිමාණයේ රණ උපක්‍රම හා රණබිම් ආශ්‍රිතව ලබාගත් දැනුම් සම්භාරයන් බෙදා හදා ගනිමින් ඊට සහභාගී වන රටවල සාමාජිකයින් අතර මනා සහයෝගීතාවයක් මෙන්ම ඒකාබද්ධ පුහුණුව වර්ධනය කරගැනීම යන කරුණු මුල් කරගනිමින් මෙම තරඟාවලිය වාර්ෂිකව පවත්වනු ලබයි.
වසර සිහිපයක් මෙම තරඟාවලිය නොපැවැත්වුණු අතර මෙවර රටවල් 41 ක සහභාගිත්වයෙන් තරඟාවලිය පැවැත්වීමට අවශ්‍ය සියළු කටයුතු සූදානම්ව ඇත.
වර්ෂ 2016 දී පැවැත්වුණු ‘PATS’ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ද සහභාගී වී ඇති අතර ඒ අනුව ඉදිරියටත් මෙම තරඟාවලින් වෙනුවෙන් සහභාගී වී ඉදිරියට යාමට යුද්ධ හමුදා පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙත වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය පූර්ණ ආශිර්වාදය ලබා දී තිබේ.
මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ‘PATS’ කණ්ඩායමට කණ්ඩායම් කළමනාකරුවෙක්, කණ්ඩායම් නායකයෙක්, කණ්ඩායම් දෙවන අණදෙන නිලධාරියෙක්, රේඩියෝ සංඥා පණිවිඩ ක්‍රියාකරුවෙක් මෙන්ම රයිෆල් සෙබළුන් දෙදෙනෙකු සහ තවත් සාමාජිකයින් දෙදෙනෙකු ඇතුලත් වන අතර පැය 72 ක කාල රාමුවක් තුලදී ක්ෂේත්‍ර ඉසව් 28 ක අභියෝගාත්මක තරඟාවලියක නියැලීමට ඔවුන් සූදානමින් සිටියි.
‘PATS’ තරඟ කාලය තුළ දී ලකුණු එක්රැස් කිරීම සඳහා ඇඳුම් කට්ටල පරික්ෂණය (Kit Inspection), සංඥා සම්බන්ධතා පරික්ෂණය (Signal Communication Test), විවිධ ආයුධ සහ සටන් උපකරණ හඳුනාගැනීම (Recognition of Various Weapons and Combat Equipment), කඳවුරකට රහසේ ඇතුලුවිමේ මෙහෙයුම් සඳහා වාචික නියෝග (Verbal Orders for Infiltration Operation), රහස් මෙහෙයුම්/රාත්‍රියේ ගමන් කිරිම/නිරික්ෂණය (Infiltration Operation Night Navigation), නිරීක්‍ෂණය සහ සවන්දීම (Observation and Hearing), ආගන්තුකයන් සමඟ කටයුතු කිරීම (Dealing with Strangers), සැඟවුණු ස්ථානයකට පහරදිමේ සරඹ (Occupation of Hide Out and Related Drills Techniques), ගුවන්යානා ගොඩබැස්විමේ ස්ථාන ලකුණු කිරිම සහ ගොඩබැස්විමේ සරඹ (Selection Marking of Landing Zone and Helicopter Landing Drills), වෙඩිපත් ඉලක්ක කර ගැනිමේ ක්‍රියා පිළිවෙත (Artillery Target Grid Procedure Indication of Target), සුනඛයන් මඟහැරයාම (Dog Evasion), යුද සිරකරුවන් පරිහරණය කිරිමේ පිළිවෙත (Prisoner of War Handling), රණබිමේදී සමීප ඉලක්කයන් වලට පහරදීම සඳහා අණ ලබාගැනීම මෙන්ම සතුරුබිමේදී කොටු වූ සහෝදර සෙබළු කඩිනමින් ඉවත් කරගැනීම (Quick Battle Orders for Close Target Reconnaissance Exfiltration), සමිප ඉලක්කපත් පිරිසුම් සරඹ (Close Target Reconnaissance Drill), රැක සිට පහරදිම සහ රැක සිට පහරදිම වැළැක්විමේ සරඹ (Ambush Anti Ambush Drills), හෙලිකොප්ටර් කඩාවැටීමේ දී ප්‍රථමාධාර සැපයීම් (Dealing with Helicopter Crash First Aid), බිම්බෝම්බ ඉවත් කිරිමේ සරඹ (Mine Field Clearance Drills), ඉලක්කපත් පිරිසුම් වාර්තා සැකසිම (Preparation of Target Reconnaissance Report), කඹ භාවිතයෙන් කඳු තරණය කිරීම (Rope Rappelling), නෙරපා හැරීමේ මෙහෙයුම් (Exfiltration Operation Navigation), වේගවත් පා ගමන (Speed March), අහඹු පරික්ෂණ (Surprise Tests), වෙඩිතැබීම් (Firing), න්‍යෂ්ඨික ජිව රාසායනික අවි වලින් ආරක්ෂාව (Nuclear Biological Chemical Defence), පහරදිමේ ක්‍රම (Assault Techniques), ජල බාධක තරඟය (Crossing of Water Gap Obstacle Crossing) සහ පර්යන්ත කට්ටල පරීක්‍ෂාව (Terminal Kit Inspection) යන ක්‍රියාකාරකම් සැපිරිය යුතු වේ. තරඟාවලිය පිළිබඳව පවත්වන පසුකථනයකින් අනතුරුව එම තරඟාවලිය නිමාවීමට නියමිතය.
මෙම තරඟාවලිය සඳහා සුදුස්සන් තෝරාගැනීමේ පරික්‍ෂණ පාබල රෙජිමේන්තු සොල්දාදුවන්ගේ සහභාගිත්වයෙන් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වුණු අතර හොඳම දක්ෂතා දැක්වූ කණ්ඩායම් තෝරාගනිමින් ඔවුන් තරඟාවලිය සඳහා නම් කරනු ලැබීය. මීට අමතරව, එම තෝරාගත් තරඟකරුවන් වෙත විශේෂ පුහුණුවක් කුඩාඔය පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී ද ලබාදෙන ලදී. url clone | Women's Designer Sneakers - Luxury Shopping