Header

Sri Lanka Army

Defender of the Nation

26th February 2020 10:00:48 Hours

පූනරින් මධුවිල්නාඩු ප්‍රාථමික පාසලේ සිසු සිසුවියන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කරයි

දකුණේ පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රාහකත්වය ඇතිව 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සිදුකරන ලද සම්බන්ධීකරණය හා සහයෝගය මත පූනරින් මධුවිනාඩු රජයේ දෙමළ මිශ්‍ර පාසලේ අධ්‍යාපනය හදාරණ සිසුන් 18 දෙනෙකුට පාසල් උපකරණ තොගයක් ඉකුත් සඳුදා (24) දින බෙදාදෙනු ලැබීය.

66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්.ඩී විජේසුන්දර ගේ ඉල්ලීම පරිදි පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ 83 කණ්ඩායම වෙනුවෙන් රත්නසේන කුඩලිගම මහතා විසින් අනුග්‍රහකත්වය නියෝජනය කරන ලදී.

මෙම වැඩසටහන 66 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් පරිදි 661 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච්.එච්.කේ.එස්.එස් හේවගේ අධීක්‍ෂණය යටතේ සිදුකරන ලදී. Sneakers Store | jordan Release Dates