Header

Sri Lanka Army

Defender of the Nation

26th February 2020 10:01:48 Hours

65 ​සහ 66 වන සේනාංකයන් තවත් ප්‍රජා ව්‍යාපෘතීන් දියත් කරයි

65 වන සේනාංකය යටතේ ඇති 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් ඉරිදා (23) දින 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එම්.එච්.ඩී බණ්ඩාර ගේ උපදෙස් පරිදි ඉරානමතානගර් සෙබමලේ මාතා පල්ලිය පරිශ්‍රය තුළ පැළ සිටුවීමේ වැඩසටහනක් දියත් කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය, 651 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ ආරම්භ කරනු ලැබූ අතර ඒ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් 40 දෙනෙකු සහභාගී වූහ.

තවද, ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් කල්විලාන් අරුවි පෙර පාසල් පරිශ්‍රයේ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ඉකුත් සඳුදා (24) දින සිදුකළ අතර එම අවස්ථාවට ප්‍රදේශයේ සිවිල් වැසියන් 9 දෙනෙකුගේ සහාය ද ලැබිණි.

එසේම, පූනරින් සෙල්ලිපුරම් පෙර පාසලේ ගුරුවරුන්ගේ ඉල්ලීම පරිදි පෙර පාසල් පරිශ්‍රය වටා වැටක් ඉදිකර එම පරිශ්‍රය පිරිසිදු කිරිමේ ශ්‍රමදානයක් 661 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච්.එච්.කේ.එස්.එස් හේවගේ ගේ මෙහෙයවීම යටතේ ඉකුත් ඉරිදා (23) දින පැවැත්වුණු අතර ඒ සඳහා 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 5 වන (ස්වෙච්ඡා) යාන්ත්රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සිය දායකත්වය දැක්වූහ.

මෙම ප්‍රජා ව්‍යාපෘතිය 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්.ඩී විජේසුන්දර ගේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලැබීය. Nike sneakers | NIKE AIR HUARACHE