25th February 2020 02:45:01 Hours
ත්‍රස්තවාදීන් සමඟ පැවති කුරිරු යුද්ධයෙන් දිවිපිදූ කමාන්ඩෝ රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් ඉකුත් සඳුදා (20) දින අනුරාධපුර ඓතිහාසික ස්වර්ණමාලි මහ සෑරදුන් අභියසදී විශේෂ ‘කප්රුක් පූජාවක්’ පවත්වනු ලැබීය. කමාන්ඩෝ රෙජිමේන්තුවේ 40 වන සංවත්සරය නිමිත්තෙන් එම රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් සිල්වා ගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන පැවැත්විණි.
මෙම උතුම් පිංකම සඳහා 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත සේනාරත්න, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ශානක රත්නායක, එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ශ්‍යාමාල් සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් මෙන්ම යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන්ගේ දෙමව්පියන් සහ පවුලේ සාමාජිකයින් ද සහභාගී වූහ. buy footwear | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov