Header

Sri Lanka Army

Defender of the Nation

28th February 2020 18:39:02 Hours

තුර්කීයේ නව තානාපතිනි වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති හමුවේ

ශ්‍රී ලංකාවේ තුර්කී තානාපති කාර්යාලයේ නව තානාපතිනි ආර්. ඩනේට් සෙකර්සියොග්ලු (HE R. Dernet Sekeroioglu) අද (26) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි තානාපතිනිය ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් සාදරයෙන් පිළිගනිමින් දෙරටේ පරම්පරා ගණනාවක් තිස්සේ පවත්වා ගෙන ආ මිත්‍රත්වය තවදුරටත් පවත්වා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්ට ලබාදී ඇති පුහුණු වැඩසටහන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් තුර්කී රජය ශ්‍රී ලංකාවට සෑම විටම ලබාදී ඇති සහයෝගය, පහසුකම් සහ සහයෝගීතාව වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපතිතුමන් තවදුරටත් අගය කළේය. දෙරට අතර පවතින ද්විපාර්ශ්වික වෙළඳ හුවමාරුව පිළිබඳව ද යුද්ධ හමුදාධිපතිතුමන් අදහස් දැක්වූ අතර අනාගතයේ දී ද ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස තානාපතිනියගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ඇති සුහද සබඳතා මෙන්ම දෙරට අතර අන්තර්ජාතික මට්ටමින් පවත්වාගෙන යන සහයෝගීතාව ද තානාපතිනිය මෙහිදි සිහිපත් කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට තම රජය අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවට සහතික වූ තනාපතිනිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සහ එහි ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සිය සුබපැතුම් එක් කළාය.

මෙම සුහද හමුව අවසානයේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා තුර්කී තානාපතිනිගේ පැමිණිම අගය කර සිය සුබපැතුම් පිරිනමමින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය. තුර්කී තානාපතිනිය ද යුද්ධ හමුදාධිපතිතුමන්ට සමරු තිළිණයක් ප්‍රදානය කළාය.

තානාපතිනිය යුද්ධ හමුදාධිපති කාර්යාලයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය. Best Nike Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth