Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2020 02:40:01 Hours

3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය 28 වන සංවත්සරය සමරයි

අනුරාධපුර, ගල්කුලම පිහිටි 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 28 වන සංවත්සවය ඉකුත් සඳුදා (24) දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

සංවත්සර දිනයේ එම මූලස්ථානයට සපැමිණි 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්.එම්.එම්.පී. මහේෂ් කුමාර වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීය.

සංවත්සරය සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අණදෙන නිලධාරීතුමන් කොනොනි සමාජ ශාලාවේ පැවැති විශේෂ දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගි විය. මෙම දිවා භෝජන සංග්‍රහයට ඒකකයේ සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.Running sports | FASHION NEWS