25th February 2020 20:00:26 Hours
ශ්‍රී ලංකා පාබල හමුදාවේ අතිදක්‍ෂ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන පසුගියදා මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ යුද්ධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් වසන්ත ආබෘ හට ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් බදාදා (19) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් ආබෘ වෙත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිළිගැනීම සඳහා එතුමන්ට ආරාධනා කරන ලදී.
උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් ආබෘ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් උපහාර දැක්වීය. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් සමූහ ඡායාරූපයකට ද එතුමන් එක්විය.
එම අවස්ථාවේදී, මේජර් ජෙනරාල් ආබෘ භටපිරිස් ඇමතීමට ප්‍රථම රෙජිමේන්තුවේ මංගල වස්තුව වන ‘කණ්ඩුල’ හස්ති රාජයාට පළතුරු වට්ටියක් පිළිගැන්විය.
දවසේ වැඩසටහන අවසානයේ, ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ විසින් උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් රෙජිමේන්තු මූලස්ථානයේ සිදු කළ සංචාරය අලලා ගනු ලැබූ ඡායාරූප ඇල්බමයක් එතුමන් වෙත ප්‍රදානය කරනු ලැබීය.
ඉන් අනතුරුව, බළලත් නිලධාරි නිවස්නයේ පැවති සියලුනිල තේපැන් සංග්‍රහයකින් උත්සව කටයුතු නිමාවට පත්විය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් සහභාගී වූහ. Sneakers Store | GOLF NIKE SHOES