25th February 2020 00:50:01 Hours
68 වන සේනාංක මූලස්ථාන විසින් සංවිධානය කරන ලද පාපන්දු තරඟාවලියට සහභාගී වීමට අපේක්‍ෂා කරන සිවිල් පාපන්දු කණ්ඩායම් 27 කට අනුයුක්ත පාපන්දු ක්‍රීඩකයින් සිය ගණනක් ඉකුත් ඉරිදා (23) දින ඉරානපලෙයි ශාන්ත අන්තෝනි ක්‍රීඩාංගණයේදී පැවැති තරඟාවලියේ සමාරම්භක උත්සවයට සහභාගී වූහ.
මුලිතව් දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් අතර ක්‍රීඩා කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ උපදෙස් මත මූලතිව්, නන්දිකඩාල් පිහිටි 68 වන සේනාංක මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන දියත් කරන ලදී.
සමාරම්භ උත්සවයට 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්.එම්.පී.ජේ. රත්නායක සහභාගි වූ අතර මෙම අවස්ථාව සිවිල් වැසියන්, පාපන්දු ක්‍රීඩකයින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් ද එක්ව සිටිහය.
තරඟාවලිය මේ වන විටත් පැවැත්වෙමින් පවතී. Best jordan Sneakers | Women's Sneakers