26th February 2020 09:58:48 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ පාබල සෙබළුන්ට ඵෙතිහාසික මතකයක් එක් කරමින් මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනෙකු වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචර පූද කිරීමේ උත්සවයක් ඉකුත් සඳුදා (24) දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේදී පැවැත්විණි.
වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් ඩි.එම්.එච්.ඩි. බණ්ඩාර, මේජර් ජෙනරාල් ඒ.ඒ.අයි.ජේ. බණ්ඩාර, මේජර් ජෙනරාල් වැලිකල සහ මේජර් ජෙනරාල් එච්.එම්.බී.ආර්.ටී. හත්නාගොඩ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුද්ධ හමුදා මූලස්ථානය වෙත ආරාධනා කර සිය සුබ පැතුම් පිරිනැමීය.
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලුතිනන් කර්නල් දුලිත් පෙරේරා විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල්වරුන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ඉන් අනතුරුව, හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයේ ගෞරවාචාරය උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත පිරිනැමීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සිංහ රෙජමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක සහ සියලුම නිලයින් විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මහත් හරසරින් පිළිගනු ලැබීය.
පසුව, රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් එම පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුද කරන ලදී. ඉන් අනතුරුව, මේජර් ජෙනරාල්වරුන් සිව්දෙනාට ගෞරවනීය සම්මාන ආචාර පෙළපාලි හතරක් සරඹ භූමියේදී පිරිනමා ගෞරව කරන ලදී.
සහෝදරත්වයේ ශක්තිමත් බැඳීම් පෙන්වමින්, උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකින් අනතුරුව එදිනට නියමිත කටයුතු අවසන් විය. මෙම ඵෙතිහාසික උත්සවය සඳහා රෙජිමේන්තු කවුන්සිලයේ සාමාජිකයින්, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්වූහ.
පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල්වරුන් සමඟ දිවා භෝජන සංග්‍රහයකට එක්වූ අතර එහිදී රෙජිමේන්තු අධිපතිතුමන් උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල්වරුන්ට සිය රෙජිමේන්තුවේ අගය කිරීම සංකේතවත් කරමින් සමරු තිළිණ ප්‍රදානය කළේය. latest Nike release | Ανδρικά Nike