24th February 2020 23:00:01 Hours
ප්‍රජා සුභසාධනය පිළිබඳ උනන්දුවක් දක්වන මැදවච්චිය, කොකටියගොල්ලෑව ප්‍රදේශයේ ගම්වාසීන් පූජ්‍ය මහවිලච්චිය විමල හිමියන්ගේ අනුශාසකත්වය ඇතිව වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංක මුලස්ථාන බලප්‍රදේශයේ පිහිටි විකුම්පුර සහ කොන්ඩාච්චි යන දුෂ්කර ගම්මානවල ජීවත්වන අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන්ට පාසල් උපකරණ සහ දිළිඳු පවුල් වෙත වියළි සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය.
මෙම ව්‍යාපෘතිය මේජර් ජෙනරාල් ඩී.එස්.ඩී. වැලිකල ගේ අධීක්‍ෂණය යටතේ 54 වන සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරිගේ සහය ඇතිව 542 වන බලසේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ දිළිඳු පවුල් 42 කට සහ එම ගම්මානවල ජීවත්වන පාසල් සිසුන් 14 දෙනෙකුට ප්‍රතිලාභ ලබාදෙන ලදී. තවද, මෙම ව්‍යාපෘතියට සමගාමීව එම ප්‍රදේශයේ ජීවත්වන එක් ගර්භනී කාන්තාවකට විශේෂ සලාක පාර්සලයක් ද පරිත්‍යාග කරනු ලැබීය.
මෙම කෙටි උත්සවය අතරතුරදී, ප්‍රතිලාභින්ගේ මූලිකත්වයෙන් මෙහි වැඩම කළ මහාසංඝරත්නය වෙත දානය පිරිනැමූ අතර අනෙකුත් පූජකවරුන්ට ආහාරපාන ද පිරිනැමීය. spy offers | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth