26th February 2020 11:50:48 Hours
සැම්බියානු ජනරජයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්) (Lieutenant General W.M Sikazwe psc DIP (DSS) MA (DSS) වෙනුවෙන් ඉකුත් සඳුදා (24) දින සන්ධ්‍යාවේ කිංග්ස්බරි හෝටලයේදී හමුදා සම්ප්‍රදායානූකූල රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්විණි.
මෙම භෝජන සංග්‍රහය සඳහා වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් ද සහභාගී වූහ.
හෝටල් පරිශ්‍රය වෙත සපැමිණි මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා වූ සැම්බියානු ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ ඇතුළු නියෝජිත පිරිස, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන උත්සවය වෙත කැටුව යනු ලැබීය.
මෙදින සන්ධ්‍යාව, ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා කලාත්මක උරුමයන් පිළීබිඹු කරමින් සිත් ඇදගන්නාසුළු නර්තන අංගයන්ගෙන් සහ සංගීත ප්‍රසංගයන්ගෙන් වර්ණවත් විය. එහිදී, යුද්ධ හමුදා නර්තන කණ්ඩායම්වල සෞන්දර්යාත්මක කුසලතාවන් පිළිබඳ උද්යෝගිමත් වූ සැම්බියානු යුද්ධ හමුදාධිපතිතුමන් එම නර්තන ශිල්පීන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ අතර ඔවුන්ගේ සුවිශේෂි හැකියාවන් ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙත සිය ප්‍රශංසාව ද පළ කළේය.
තවද, සැම්බියානු යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම සුවිශේෂි අවස්ථාව වෙනුවෙන් අදහස් පල කළ අවස්ථාවේදී තමා ඇතුළු නියෝජිත පිරිස වෙත දැක්වූ සහයෝගය පිළිබඳව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සිය කෘතඥතාවය පළ කරනු ලැබීය.
රාත්‍රී භෝජන සංග්‍රහය අවසානයේදී දෙරට යුද්ධ හමුදාධිපතිවරුන් අතර දෙරටේ මිත්‍රත්වය හා අනෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, ඔවුන්ගේ භාර්යාවන් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගී වූහ. Sports Shoes | Autres