24th February 2020 22:50:01 Hours
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අයත් 542 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 15 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් ඉකුත් ඉරිදා (23) දින මන්නාරම- මඩු මාර්ගයේ කුංචිකුලම් මාර්ග බාධකයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මහේන්ද්‍ර බොලෙරෝ කැබ් රථයක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 12 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්විය.
මන්නාරම් සිට දඹුල්ල දෙසට ගමන් කරමින් තිබු කැබ් රථයක් පිළිබඳව සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී එම වාහනය තුළ සඟවා තිබු කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගැනීමට යුද්ධ හමුදා සාමාජිකයින් සමත් වූහ.
කේරළ ගංජා තොගය සමඟ අත්අඩංගුවට ගත් කැබ් රථයේ සිටි සැකකරු පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සඳහා මඩු පොලිස් ස්ථානයට භාරදීමට ද යුද්ධ හමුදා සාමාජිකයන් කටයුතු කළහ.
අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත මෙම හදිසි මාර්ග බාධකය යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබයි. bridgemedia | Nike