Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2020 15:58:51 Hours

සැම්බියානු යුද්ධ හමුදාධිපති ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවේ

සැම්බියන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්) (Lieutenant General W.M Sikazwe psc DIP (DSS) MA (DSS) යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් ඇතුළු නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාරය අතරතුර සඳුදා (23) දින සන්ධ්‍යාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් හමුවීම සඳහා කොළඹ පිහිටි ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිණියේය. ගුවන් හමුදා මුලස්ථානය වෙත සපැමිණි සැම්බියානු යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරීනමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීණි.

ගුවන් හමුදාධිපති සහ සැම්බියානු යුද්ධ හමුදාධිපති අතර පැවති සුහද හමුවේදී දෙරට අතර ද්වීපාර්ශ්වික ක්‍රියාකාරකම් පිළිබඳ සාකච්ඡා වූ අතර කලාපීය හා ජාතික ආරක්‍ෂාව සම්බන්ධ කරුණු ද පිළිබඳ කරුණු ද අවධානයට ලක්විය. මෙම සුහද හමුව අවසානයේ දෙපාර්ශවය අතර සමරු සිහිවටන හුවමාරුවක්ද සිදුවු අතර ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට ප්‍රථම සැම්බියානු යුද්ධ හමුදාධිපතිතුමන් ගුවන් හමුදා මූලස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වු පොතෙහි සමරු සටහනක්ද තැබීය.

සැම්බියානු ජනරජයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්) (Lieutenant General W.M Sikazwe psc DIP (DSS) MA (DSS) යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සමඟින් හමුදා නියෝජිතයින් සය දෙනෙකුගෙන් සමන්විත දුත පිරිස දින පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට සපැමිණි තිබිණි. trace affiliate link | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092