25th February 2020 18:08:02 Hours
සැම්බියන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්) (Lieutenant General W.M Sikazwe psc DIP (DSS) MA (DSS) යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාරය අතරතුර ඉකුත් සඳුදා (24) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.
සැම්බියානු යුද්ධ හමුදාධිපතිතුමන් නාවික හමුදාපතිතුමන් හමුවීමට ප්‍රථමයෙන් වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා මූලස්ථානයේදී හමු වී තිබිණි.
නාවික හමුදා මූලස්ථානයට සපැමිණි සැම්බියානු යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමීමෙන් අනතුරුව නාවික හමුදාධිපති කාර්යාලය වෙත කැටුව යන ලදී.
සැම්බියානු යුද්ධ හමුදාධිපතිවරයා හා ශ්‍රී ලංකා නාවික හමුදාධිපතිවරයා අතර පැවැති මෙම සුහද සාකච්ඡාවේදී දෙරට අතර ඇති අනෝන්‍ය සහයෝගිතාවය ද්වීපාරශවික සබදතා ආදී වැදගත් කරුණු ඉතා දිර්ඝ වශයෙන් අවධානයට ලක්විය.
මෙම සුහද හමුව අවසානයේ දෙපාර්ශවය අතර සමරු සිහිවටන හුවමාරුවක් ද සිදුවූ අතර සැම්බියානු යුද්ධ හමුදාධිපතිතුමන් නාවික හමුදා මූලස්ථානයෙන් නික්මයාමට ප්‍රථම නාවික හමුදා මූලස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වු පොතෙහි සමරු සටහනක් තැබීමට ද අමතක නොකළේය. Sports News | Nike Air Max 270