Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2020 02:50:01 Hours

පුහුණු මොඩියුල හුවමාරුව සඳහා ශ්‍රී ලංකා හමුදාව හා සපැමිණි සැම්බියානු යුද්ධ හමුදා ප්‍රධානී අතර අවබෝධතා ගිවිසුමක්

සැම්බියානු යුද්ධ හමුදා ප්‍රධානී අද (24) දින ශ්‍රී ජයවර්ධනපුර යුද හමුද මූලස්ථානයේ සිදු කළ සංචාරය අතරතුරදී “ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට, යුද්ධ හමුදා ප්‍රධානියාට සහ ශ්‍රී ලංකාවේ සියලු ජනතාවට ශ්‍රේෂ්ඨ ජාතිය වෙනුවෙන් මාගේ සුබ පැතුම් එක් කරන අතර. මෑතදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සහ යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කළ අපගේ සහෝදර සහෝදරියන්ට අපගේ ශෝකය ප්‍රකාශ කිරීමටද මට අවශ්‍යය. ඔවුන් සාමකාමීව විවේක ගන්නා වීරයන් සහ වීරවරියන් ය. ඔබගේ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට කෘතඥතා පූර්වකව ස්තූතිවන්ත වනවා මෙම ශ්‍රේෂ්ඨ ජාතිය නැරඹීමට පැමිණීමට මට ආරාධනා කිරිම සම්බන්ධව. ”

“අපි බොහෝ අතීතයේ ශ්‍රී ලංකාවට ආවා. 2 වන ලෝක සංග්‍රාමයේ මතකයන් වෙත ආපසු හැරී බලන විට, එවකට බහමාස් බලා යමින් සිටි සැම්බියාවේ අපේ හමුදාව ශ්‍රී ලංකාව හරහා ගමන් කළා. ඔබගේ සේනාධිනායකයාගේ ආශිර්වාදය ඇතිව අපගේ හමුදා පුහුණු කිරීමට අපට සුවිශේෂී අවස්ථාවක් ලැබුණා. ඔවුන් බහමාස් වෙත යාමට පෙර මාස 6 ක් ශ්‍රී ලංකාවේ පුහුණු කරා. එය ‍ඓතිහාසික සිදු වීමක්. තවත් අවස්ථාවක, සෝමාලියානු දේශයේ සිට, ඔවුන් ද එම යුද්ධයට යාමට පෙර නැවතත් ශ්‍රී ලංකාව හරහා ගමන් කළා. එබැවින් දෙවන ලෝක සංග්‍රාමය දක්වා වූ ඓතිහාසික සිද්ධීන් මට දැක ගත හැකිය. දැන් මට මෙහි ආරාධනා කර ඇත්තේ යුද්ධ හමුදාධිපතිවරයා විසින් ඒනිසා අපට මෙහි සිටින අපගේ සගයන්ගෙන් ඉගෙන ගත හැකියි, මන්ද ඔබ බොහෝ දේ කර ඇති හමුදාවක්. ”

“මගේ ආදරණීය ජෙනරාල් ශවේන්ද්‍ර අපට ඉදිරිපත් කළ දේට ස්තූති කිරීමට මට අවශ්‍යයි. දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය හි ක්‍රියාකාරිත්වය අපි දුටුවෙමු. අපි අවබෝධතා ගිවිසුමක් නිර්වචනය කරමින් සිටින්නෙමු. එම අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක වූ පසු අපට කාර්ය මණ්ඩල හුවමාරුව සහ තවත් බොහෝ දේ සිදු කිරීමට හැක. මට ආරාධනා කළ යුද හමුදාපතිට සහ මම ඔහුට සැම්බියාවට පැමිණෙන ලෙස ආරාධනා කිරීම ගැන මම සතුටු වෙනවා. මම දන්නවා ඔහු අපේ ආරාධනය පිළිගන්නවා කියලා. දෙවියෝ ඔබට ආශීර්වාද කරත්වා” යැයි සැම්බියානු යුද්ධ හමුදා ප්‍රධානියා පැවසීය. (පහත වීඩියෝව බලන්න) url clone | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival