24th February 2020 11:48:01 Hours
වාකරෙයි ප්‍රදේශයේ පිහිටි 233 වන බලසේනාවේ 29 වන සංවස්තරය වෙනුවෙන් පුජ්‍ය රිදීගම ගනේෂ්වර හිමියන්ගේ මුල්‍යමය දායකත්වය ඇතිව කතිරවේලි ටික්කන ගම්මානයේ දිගු කාලීන අවශ්‍යතාවයක්ව පැවති පානීය ජල අවශ්‍යතාවය වෙනුවෙන් ලීටර් 5000 ක ප්ලාස්ටික් ජල ටැංකියක් ස්ථාපනය කරන ලදී.
23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසුන්දර ගේ මාර්ගෝපදේශකත්වය යටතේ ඉකුත් සිකුරාදා (21) දින පැවති කෙටි උත්සවයකදී එම ජල ටැංකිය විවෘත කරනු ලැබීය.
නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ සහයෝගය ඇතිව 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රංජිත් ඇල්විටිගල ගේ අධීක්‍ෂණය යටතේ ගම්මානයේ පවුල් 35 ක් සඳහා රු 7000/= ක් වටිනා වියළි සලාක ඇසුරුම්, පාසල් උපකරණ, ලිපිද්‍රව්‍ය සහ තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ රාශියක් බෙදාදෙන ලදී.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී විදලපුර ශාසන ප්‍රදීපාරාම විහාරස්ථානයේ වත්මන් ප්‍රධාන සංඝනායක පුජ්‍ය රිදීගම ගනේෂ්වර හිමියන් ඇතුළු 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසුන්දර සමඟ 233 වන බලසේනාවේ බලසේනාධිපති, ප්‍රදීපාරාම විහාරස්ථානයේ පරිත්‍යාගශිලීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසුනිළයින් සහ සිවිල් වැසියන් පිරිසක් සහභාගි වුහ.
මෙම වැඩසටහන සඳහා සහභාගි වුවන් වෙනුවෙන් දිවා ආහාර වේලක් පිරිනැමු අතර ජල ව්‍යාපෘතියේ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරිම සඳහා දළ පිරිවැය ලෙස රුපියල් මිලියන 1.3 ක් පමණ ඒ වෙනුවෙන් වැය කර තිබිණි. Best Sneakers | NIKE HOMME