24th February 2020 18:50:01 Hours
නිදන්ගත වකුගඩු රෝගය සහ පිළිකා රෝගය ඇතිවීමේ ප්‍රවණතාව සාපේක්‍ෂව ඉහළ යාම හේතුවෙන් වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව දිවයිනේ ප්‍රමුඛ පෙළේ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය තාක්‍ෂණික විශේෂඥතාව, ඉංජිනේරු තාක්‍ෂණය සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් ලොව ප්‍රථම පරිසර හිතකාමී රෝග නිවාරණ රෝහල අනුරාධපුරයේ ස්ථාපිත කිරීමට කටයුතු සැලසුම් කර ඇත.
මිහින්තලේ, අම්බතලගම ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත නිවාරණ රෝහල සඳහා මුල්ගල තැබීමේ උත්සවය අද (22) දින උදෑසන සුබ මොහොතින් පැවැති අතර සර්ව ආගමික සම්භාවනීය අමුත්තන්, ඇමතිවරුන්, වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය නිලධාරීන් මෙන්ම සමස්ථ ව්‍යාපෘතියේ අනුග්‍රහකත්වය දරණ ඕස්ට්‍රේලියාවේ ශාන්ති පදනමේ සභාපති ආචාර්ය සුහර්ෂා කාන්තිගොඩ මහත්මිය සහ එහි සාමාජිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් සහභාගි වූහ.
රුපියල් මිලියන 120 ක් ඇස්තමේන්තු ගතකර ඇති මෙම සුවිශේෂී ව්‍යාපෘතියේ මූල්‍ය පිරිවැය ‘ශාන්ති පදනම’ විසින් ලබාදීමට කටයුතු කරන අතර වර්ෂ 2017 දී ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශාන්ති පදනම අතර අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමක් මත අම්බතලගම ප්‍රදේශයේ අක්කර 3.1 ක භූමි ප්‍රමාණයක් මෙම රෝහල ඉදිකිරීම සඳහා වෙන් කෙරිණි. ඉදිකිරීමට යෝජිත රෝහලේ රෝගීන් 40 දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීම වෙනුවෙන් පහසුකම් සලකා ඇත.
මෙම සුවිශේෂි රෝහල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යවරිය නියෝජනය කරමින් පරිසර හා වනජීවි සම්පත් අමාත්‍ය ගරු එස්.එම් චන්ද්‍රසේන (පාර්ලිමේන්තු මන්ත්‍රී), වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඕස්ට්‍රේලියාවේ ශාන්ති පදනමේ සභාපති ආචාර්ය සුහර්ෂ කාන්තිගොඩ මහත්මිය එක්වූහ.
මෙම උත්සවයේ පිළිගැනීමේ දේශනය සිදුකිරීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කර රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් මෙන්ම පිළිකා සහ වකුගඩු රෝගයෙන් මියගිය අය සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කළහ. ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ සෙත් පිරිත් ‘සජ්ඣායනා’ මධ්‍යයේ සුබ මොහොතින් එම රෝහල් පරිශ්‍රය ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල තබන ලදී.
ස්වර්ණමාලි මහසෑයේ වත්මන් විහාරාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන හිමිපාණන් සහ මිහින්තලේ රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් අනුශාසනා සිදුකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද කෙටි දේශනයක් සිදු කළේය.
මෙම ව්‍යාපෘතියේ පුරෝගාමියා වන ආචාර්ය සුහර්ෂා කාන්තිගොඩ මහත්මීය එම උත්සවය අවසානයේ පැමිණ සිටි පිරිස වෙනුවෙන් ස්තූති කථාව පැවැත්වූවාය.
මෙම උත්සවය සඳහා විදේශීය බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා ඇතුළු මහාසංඝරත්නය ද, 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර් ජයපතිරණ, නාවික හා ගුවන් හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ ශාන්ති පදනමේ නියෝජිතයින් රැසක් සහභාගි වූහ.url clone | Nike Shoes