Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2020 04:50:01 Hours

නාගරික ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීමට යුද්ධ හමුදා පොලිසියේ සහය

(මාධ්‍ය නිවේදනය)

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය සමඟ එක්ව නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා වූ නව පියවරක් යටතේ කොළඹ නගරයට රථවාහන පිවිසෙන/පිටවෙන ස්ථානවලට දැන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සාමාජිකයින් යොදවා ඇත.  

මෙම ව්‍යාපෘතිය, සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් යෝජනා කරන ලද සංකල්පයක් අනුගමනය කරමින් සඳුදා (24) දින උදෑසන සිට දියත් කරන ලදී. ඉන් මාර්ග තදබදය නිසාවෙන් කාලය නිකරුණේ විනාශ වී යෑම අවම කිරීමත් ඒ තුළින් ජාතික ඵලදායිතාව ඉහළ නැංවීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නගර සීමාව පුරා බොහෝ ජනාකීර්ණ ස්ථාන ආවරණය වන පරිදි සතියේ දින හතේම උදේ 6.00 ත් 10.00 ත් සවස 4.00 ත් 7.00 ත් අතර කාලය තුළ යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සාමාජිකයින් යෙදවීම නාගරික රථවාහන පොලිස් නිලධාරීන්ට රථවාහන තදබදය අවම කරගැනීමට සහයෝගයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මීට අමතරව, ශ්‍රී ලංකා පොලිස් හේවා බලකා ජංගම මෝටර් රථ සහ යතුරුපැදි පහක් දිගින් දිගටම මාර්ග තදබදය නිරීක්‍ෂණය කිරීම, සන්නිවේදන සම්බන්ධතා සහ එම කාලය තුළ සුපරීක්‍ෂාකාරීව සිටීම අවශ්‍ය නම් විකල්ප මාර්ග භාවිතා කිරීම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමත් සිදු කරනු ලබයි. (නිමාව) latest Running | New Balance 991 Footwear