Header

Sri Lanka Army

Defender of the Nation

21st February 2020 22:00:50 Hours

682 වන බලසේනාවේ 11 වන සංවත්සරය ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් අභිමානවත් අයුරින් සමරයි

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ස්ථානගත 682 වන බලසේනා මූලස්ථානයේ 11 වන සංවත්සරය බලසේනාධිපතිතුමන් ඇතුළු සියලුනිලයින්ගේ සහභාගීත්වයෙන් මහත් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

මූලස්ථාන පරිශ්‍රයේ පවත්වන ලද සර්ව රාත්‍රික ‘පිරිත් සඡ්ඡාඣනාවකින් අනතුරුව ක්‍රිස්තියානි, හින්දු සහ ඉස්ලාමීය ආගමික වතාවත් එම පූජනීය ස්ථානවල පවත්වා සංවත්සරයට ආශීර්වාද එක්කළහ.

එම අවස්ථාවන්ට 682 වන බලසේනාවේ බලසේනාධිපති, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් ඇතුළු සෙසුනිලයින් සහභාගි වූහ.

18 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 4 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව සහ 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් සංවත්සර දිනයේ (16) බලසේනාධිපති තුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමීය. ඉන් අනතුරුව, භටපිරිස් ඇමතූ බලසේනාධිපතිතුමන් සියලුනිල දිවා භෝජන සංග්‍රහයකට ද එක්විය. Sports News | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News