21st February 2020 22:25:50 Hours
වන්නි ප්‍රදේශයේ පිහිටි ඇටඹගසකඩ ශ්‍රී සුධර්මාරාම විහාරයේ පූජ්‍ය සුධර්ම කීර්ති ශ්‍රී සුමන මංගල සිද්ධාර්ථ දේශකීර්ති හිමියන්ගේ අනුශාසකත්වයෙන් එම ප්‍රදේශයේ පුරන් වූ කුඹුරු විශාල ප්‍රමාණයක් අස්වැද්දීමේ ව්‍යාපෘතියක් ඉකුත් සඳුදා (17) දින ආරම්භ කරන ලදී.
මෙහි සමාරම්භක අවස්ථාවට වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි, 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජාලිය සෙනාරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ වවුනියාව දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතා, වවුනියා දකුණු ප්‍රදේශීය ලේකම් එම්.එස්. ජනක මහතා, වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, සිවිල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ. Nike air jordan Sneakers | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1