Header

Sri Lanka Army

Defender of the Nation

23rd February 2020 16:31:00 Hours

මීරිගම - බෝතලේ ප්‍රදේශයේ හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදා භටපිරිස් සහය වෙති

ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම, බෝතලේ ප්‍රදේශයේ අද (23) දින දහවල් 12.30 ට පමණ හදිසියේ හටගත් ලැව් ගින්නක් පිළිබඳ සැලවූ වහාම ක්‍රියාත්මක වූ බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් කඩිනමින් ගින්න මැඩපැවැත්වීමට පියවර ගත්හ.

මිරිගම, බෝතලේ ප්‍රදේශයේ ඇකේෂියා වගාවක් ආශ්‍රීතව අද (23) දහවල් 12.30 ට පමණ ඇතිවූ එම ගින්න යුද්ධ හමුදා සාමාජිකයින් එම ස්ථානයට පැමිණි විටත් වේගයෙන් පැතිර ගොස් තිබූ බවට තොරතුරු වාර්තා විය.

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එස්. ආරියසිංහ ගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීයෙකු සහ සෙසුනිලයින් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කඩිනමින් ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කර ඇත. bridge media | Zapatillas de running Nike - Mujer