19th February 2020 20:24:00 Hours
පසුගියදා මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ ඉදිරි නඩත්තු පෙදෙස -(උතුරු) ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ආර්.එල්.සී. ප්‍රනාන්දු වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් සිය රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පිරිනමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ උසස්වීම් ලැබූ කර්නල් සේනාවිධායක මහා සංඝරත්නයේ සෙත්පිරිත් ‘සජ්ඣායනා’ මධ්‍යයේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකළ කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය සුබ මොහොතින් විවෘත කරන ලදී. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූ මෙම අවස්ථාව සංකේතවත් කරමින් සමුහ ඡායාරූපයක් ද ගනු ලැබීය. ඉන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රාහයකින් උත්සවය නිමාවට පත්විය. short url link | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite