Header

Sri Lanka Army

Defender of the Nation

18th February 2020 18:31:48 Hours

බටහිර ආරක්‍ෂක සේනාව මගින් පාසල් අවට සෞඛ්‍ය ගැටලු අවමකරලීමට තවත් පියවරක් තබති

ගොඩගම ප්‍රදේශයේ පිහිටි හෝමාගම සුභාරතී මහාමත්‍ය විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත කරනු ලැබූ ඉල්ලීමකට අනුව ඉකුත් අඟහරුවාදා (18) දින 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් පාසල් පරිශ්‍රය අවට සෞඛ්‍යයට අහිතකර මෙන්ම ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහ කාණූ පද්ධති පිරිසිදු කරනු ලැබූහ.

එම පාසලේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ විසින් නිලධාරින් දෙදෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 42 දෙනෙකු මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය සඳහා පිටත් කර යවනු ලැබු අතර මෙම ව්‍යාපෘතිය සඳහා දෙමව්පියන්ගේ මෙන්ම පාසල් සිසුන්ගේ සහය ද නොමසුරුව ලැබුනු අතර පාසල අවට පිහිටි අපිරිසිදු කාණු හි එකතැන පල්ව තිබූ කසළ පැය කිහිපයක් ඇතුලත ඉවත් කිරීම මගින් භටපිරිස් මෙම සද්ක්‍රියාව සිදුකරන ලදී.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිගේ මඟපෙන්වීම යටතේ කර්නල් එන් මහවිතාන විසින් ව්‍යවසනයන් වැලැක්වීමේ පියවරක් ලෙස සිවිල් සම්බන්ධිකරණ කටයුතු යටතේ මෙම වැඩසටහන සම්පුර්ණ කරන ලදී. Running sports | Air Jordan