20th February 2020 17:38:57 Hours
මාරාන්තික කොරෝනා වෛරසය (Covid-19) චීනයේ සීඝ්‍රයෙන් පැතිරයාමත් සමඟ ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාලෝචිත මැදිහත්වීමෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් චීනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙනවිත් නීරෝධායනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පැහැදිමට පත් ‘ඇනසල් ලංකා පුද්ගලික සමාගම’ විසින් හදිසි අවස්ථාවකදී භාවිත කිරීම සඳහා සකසන ලද නවීනතම ආරක්‍ෂිත ආවරණ කට්ටල 25 ක් වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට අද (20) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී ප්‍රදානය කරන ලදී.
ලිතුයේනියාවේ නිෂ්පාදිත මෙම ආවරණ කට්ටලයන්හි සම්පුර්ණ වටිනාකම ඇමරිකානු ඩොලර් 5000 ක් පමණ වන අතර එම ආවරණ කට්ටල බැක්ටිරියා ආසාදන, රාසයනික ප්‍රතික්‍රියා, වෛරස් ආසාදන ආදී ආසාදන අවධානමින් තොරය. මෙම පරිත්‍යාගය යුද්ධ හමුදා මුලස්ථානයේ පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය විසින් සම්බන්ධිකරණය කරන ලදී.
මෙම අවරණ කට්ටල නැවත භාවිතය සඳහා සුදුසු ආකාරයෙන් නිර්මාණය කර ඇති අතර බටහිර අප්‍රිකාවෙහි ඇතිවූ ඉබෝලා වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා මෙම ආවරණ කට්ටල ඉතා කාරයක්‍ෂම ලෙස භාවිත කොට තිබේ. මෙම සමාගම විසින් තවත් මෙවැනි ආවරණ කට්ටල 25 ක ප්‍රමාණයක් මුල්ලේරියවේ පිහිටි අයි.ඩි.එච්.රෝහල වෙත මීට ප්‍රථම ප්‍රදානය කොට ඇත. Running sport media | Nike