18th February 2020 16:30:48 Hours
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත පෙරපාසල් බලධාරින් විසින් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉකුත් සඳුදා (17) දින තවත් පෙරපාසල් සිසුන් පිරිසකට පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපල නැරඹීම සඳහා අවස්ථාව ලබාදෙනු ලැබීණි.
මෙම සංචාරය සඳහා ෂම්මුගන් පෙර පාසල, ශාන්ත ජූඩ් පෙර පාසල, කලවානි පෙර පාසල සහ යාපනයේ ගාන්ධි පෙර පාසල යන පෙරපාසල්වල ළමුන් 63 දෙනෙකු සහභාගී වූ අතර එම ළමුන්ගේ ගුරුවරුන් සහ දෙමාපියන් සමඟ එක්ව ගුවන් යානා සහ වෙනත් මෙහෙයුම්හි දර්ශන හැබැහින් දැකිමට වරම් ලත්හ.
යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරියගේ මඟ පෙන්වීම යටතේ එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් මෙම සංචාරය සංවිධානය කරන ලද අතර පලාලි ගුවන්තොටුපල වෙත සපැමිණි පෙරපාසල් සිසුන් වෙත යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් තේ පැන් සංග්‍රහයක් ද පිරිනමනු ලැබීනි. Best Sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov