Header

Sri Lanka Army

Defender of the Nation

18th February 2020 17:03:48 Hours

නව යාපනය දිස්ත්‍රික් ලේකම් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති හමුවේ

අභිනවයෙන් පත් වන ලද යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලෙයි මහේෂන් (Kanapathipillai Maheshan) මහතා ඉකුත් අඟහරුවාදා (18) දින යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ කාර්යාලයේදී යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය සමඟ සුහද කතාබහක නිරත විය.

මෙම සුහද හමුව අතරතුර, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් විසින් මෙහෙයවනු ලබන සමාජ සුභසාධන සහ සිවිල් ප්‍රජාව පදනම් කරගත් ව්‍යාපෘති පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ද නව දිස්ත්‍රික් ලේකම් වෙත ඉදිරිපත් කෙරිනි.

මෙම අවස්ථාව සඳහා තවත් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ. Best Authentic Sneakers | New Releases Nike