Header

Sri Lanka Army

Defender of the Nation

20th February 2020 17:03:41 Hours

අම්බලන්මුල්ල කසල කන්දක හදිසියේ හටගත් ගින්නක් යුද්ධ හමුදා සාමාජිකයින් මැඩපැවැත්වයි

සීදුව නගර ආසන්නයේ පිහිටි අම්බලන්මුල්ල නාගරික කසලාන්ගනයෙහි බ්‍රහස්පතින්දා (20) දින හිදිසියේ ඇතිවූ ගින්නක් නිවීම සඳහා 14 සේනාංකය යටතේ ස්ථාපිත 114 වන බලසේනාවේ භටපිරිස් ගිනිනිවන හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව ගින්න මැඩපැවැත්වීමේ කටයුතු මේ මොහොත වනවිටත් (පස්වරු 04.00) සිදුකරමින් සිටිතී.

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ අධීක්‍ෂණය යටතේ 141 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චමිල මුණසිංහ ගේ නායකත්වයෙන් යුතු භටපිරිස් මෙම ගිනිනිවීම් ක්‍රියාවලියෙහි නිරතව සිටින අතර මෙම හදිසි තත්ත්වය හේතුවෙන් අධිවේගි මාර්ගයේ ගමනා ගමන තදබදයක් ද උද්ගතව ඇත. Mysneakers | Nike Shoes