Header

Sri Lanka Army

Defender of the Nation

20th February 2020 16:48:58 Hours

සැම්බියන් යුද්ධ හමුදාධිපති සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

සැම්බියන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්) (Lieutenant General W.M Sikazwe psc DIP (DSS) MA (DSS) යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් දින පහක සුහද සංචාරයක් සඳහා සිකුරාදා (21) දින දිවයිනට පැමිණිමට නියමිතය.  

එතුමන්ගේ නියෝජිත පිරිසට ඉන්දියාවේ, නවදිල්ලියේ පිහිටි සැම්බියානු මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරාල් සිමුසන්දු (Brigadier General Simusandu), පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ජෙනරාල් ජී. නැග්ඇන්ඩ්වේ (Brigadier General G Ng’andwe),   ප්‍රතිපත්ති හා උපාය මාර්ග නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්, කර්නල් ලෙනාඩ් පීටර් ඩකා (Colonel Leonard Peter Daka), සැම්බියා ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ අධ්‍යක්‍ෂ, කර්නල් ජෙත්‍රෝ චිපිලි (Colonel Jethrow Chipili), ආරක්‍ෂක විද්‍යාලයේ ප්‍රධාන උපදේශක, කර්නල් ටී. බණ්ඩා (Colonel T Banda), විශේෂ බලකා පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් එම් ෂප්වායා (Lieutenant Colonel M Shapwaya) සහ හමුදාධිපති අධිසහයක කපිතන් එම්. මුලෙන්ගා (Captain M Mulenga) යන නිලධාරීන් ඇතුලත් වූහ.

සැම්බියානු යුද්ධ හමුදාධිපතිතුමන් මෙම සංචාරය අතරතුරදී අතිගරු ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමන්, ආරක්‍ෂක ලේකම්, වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති හමුවීමට නියමිත අතර ජයවර්ධනපුර යුද්ධ හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර පුද කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදා මුලස්ථාය, සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, යුද්ධ හමුදා විද්‍යාපීඨය, නාවික හමුදා විද්‍යාපීඨය ඇතුළු තවත් වැදගත් ස්ථාන කිහිපයක සංචාර කිරීමට නියමිතව ඇත.

සැම්බියානු නියෝජිත පිරිස සහ වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදුකිරීමට නියමිතව ඇත. එමෙන්ම, දිවයිනට පැමිණෙන නියෝජිත පිරිස කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව උණුසුම් අයුරින් පිළිගැනීම සඳහා කටයුතු සුදානම් කර ඇත. Adidas shoes | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092