Header

Sri Lanka Army

Defender of the Nation

18th February 2020 16:01:48 Hours

ආබාධිත රණවිරු හිසට නව සෙවනක්

එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව 2009 මැයි මාසයට පෙර පැවති මානුෂීය මෙහෙයුම් අතරතුර මාතෘ භූමිය වෙනුවෙන් සටන්වැදි ශාරීරික ආබාධයන්ට ලක්වූ වීරෝධාර රණවිරුවෙකු වෙනුවෙන් විජයබාහු පාබල රෙජිමේන්තුවේ සම්බන්ධීකරණයෙන් ‘සෙවන හෝල්ඩින් පුද්ගලික සමාගමේ’ අනුග්‍රාහකත්වය ඇතිව බලංගොඩ ප්‍රදේශයේ නව නිවසක් ඉදිකර එම රණවිරුවා වෙත පරිත්‍යාග කිරීම පසුගිය දා සිදුවිය.

14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් ආර්. එම්. බී රත්නායක වන්නි මානුෂීය මෙහෙයුම අතරතුර මුලතිව් ප්‍රදේශයේදී තුවාල ලබා ඇති අතර 14 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් හා තාක්ෂණික සහය ඇතිව ඔහු වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් අවශ්‍ය ශ්‍රම දායකත්වය ලබා දී තිබිණි.

අභිනවයෙන් ඉදිකරනු ලැබු නිවස 14 වන විජයභාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඊ.එම්.එස්.කේ. ඒකනායක ගේ ආරාධනයෙන් සෙවන හෝල්ඩීන් ප්‍රධානී සුරාජ් සංජිව සිල්වා මහතා සහ 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එස් ආරියසිංහ විසින් විවෘත කරන ලදී.

මෙම නිවස විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පී.එම්.ආර්.එච්.එස්.කේ හේරත් සහ පුනුරුත්තාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ යූ.පී.ආර් වීරකෝන් ඇතුළු නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් ද සහභාගී වූහ. latest Nike release | Nike