Header

Sri Lanka Army

Defender of the Nation

18th February 2020 15:51:48 Hours

භටපිරිස් විසින් පෙරපාසල් ළමුන්ට දිවා ආහාරවේලක් පිරිනමයි

සුහදත්වය සහ සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ තවත් ප්‍රජා ව්‍යාපෘතියක් දියත් කරමින්, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් ඉකුත් සදුදා (10) දින අක්කරායන්කුලම් හරිදාස් කුඩිඉරිප්පු පෙරපාසලේ අධ්‍යාපනය හදාරන ළමුන් 20 දෙනෙකුට දිවා ආහාරවේලක් පිරිනැමීමට කටයුතු සංවිධානය කර තිබුණි.

දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ සිය අධ්‍යාපන කටයුතු හදාරන එම සිසුන්ගේ දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, 652 වන බලසේනාවේ භටපිරිස් අන්‍යෝන්‍ය අවබෝධයේ සහ සහයෝගීතාවයේ සංකේතයක් ලෙස ඔවුන්ගේ පුද්ගලික මුදල් වැය කර මෙම දිවා ආහාර වේල ලබා දීමට කටයුතු කර තිබුණි.

මෙම සමාජ සත්කාරයට සහයෝගය දැක්වීම සදහා 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 17 දෙනෙකු එක්වූහ. url clone | Nike