18th February 2020 15:41:48 Hours
23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසුන්දර ගේ උපදෙස් මත 231 වන බලසේනාවේ භටපිරිස් විසින් ගංවතුරෙන් පීඩාවට පත් උන්නච්චි ප්‍රදේශයේ අසරණ පවුල් 250 කට අවශ්‍ය ඇඳ ඇතිරිලි සහ කොට්ට සැපයීම සඳහා අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදුකරන ලදී.
ඒ අනුව, 231 වන බලසේනාවේ භටපිරිස් පීඩාවට පත් පවුල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමට කොමර්ෂල් බැංකුවේ අනුග්‍රාහකත්වය ලබාදෙන මෙන් ඉල්ලිමක් සිදුකර තිබිණි.
අදාළ පරිත්‍යාගයන් ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද එම සමාජ සත්කාරක වැඩසටහන සෙනසුරාදා (8) දින මඩකලපුවේ කොක්කඩිචෝලායි මුතාලි කුඩා පාසලේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා 231 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජානක පල්ලේකුඹුර, 4 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරි, 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, සෙසුනිලයින් සහ ප්‍රදේශවාසීන් රැසක් ද සහභාගි වූහ. Sports Shoes | Men’s shoes