18th February 2020 12:21:55 Hours
කිළිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන පාබල බලසේනාව විසින් ඉකුත් සිකුරාදා (14) දින එම විද්‍යාලයේ පැවති වාර්ෂික අන්තර් නිවාස ක්‍රීඩා උළෙල - 2020 සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලදී.
57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා ගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ක්‍රීඩා නිවාස 05 ක් ඉදිකිරීමට සහයවීම, ජංගම වැසිකිලියක් ස්ථානගත කිරීම, පාසල් භූමිය සකස් කිරීම සහ ක්‍රීඩා උත්සවය ආරම්භ කිරීමට ප්‍රථම දුවිලි මඟහරවා ගැනීම සඳහා ක්‍රීඩාපිටියේ පස ජලයෙන් තෙත් කිරීමට අවශ්‍ය සහයෝගය කඩිනමින් ලබාදෙනු ලැබීය.
ඒ අනුව, 571 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ එම බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 9 වන ශ්‍රී ලංකා ඉංජීනේරු බළකාය සහ 11 වන ඉංජිනේරු සේවා බළකාය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ක්‍රීඩා නිවාස 05 ක් ඉදිකිරීමට සහයවීම, ජංගම වැසිකිළික් ස්ථානගත කිරීම, පාසල් භූමිය සකස් කිරීම සහ ක්‍රීඩා උත්සවය ආරම්භ කිරීමට ප්‍රථම දුවිලි මඟහරවා ගැනීම සඳහා ක්‍රීඩාපිටියේ පස ජලයෙන් තෙත් කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබීය.
තවද, ක්‍රීඩා උත්සවය පැවැත්වීමට ප්‍රථම ගල් රෝලරයක් භාවිතා කරමින් ක්‍රීඩා පිටිය සමතලා කරනු ලැබුණු අතර උත්සවය පැවැත්වෙන දිනයේ දැඩි හිරු රශ්මිය පැවතිම හේතුවෙන් මෙම අවස්ථාවට සහභාගීවූ සිසුන්ට ඇතිවන ජල අවශ්‍යතා සඳහා පානීය ජලය සැපයීම සඳහා ජල ටැංකියක් ස්ථානගත කිරීමට ද යුද්ධ හමුදා සාමාජිකයින් කටයුතු කරන ලදී. Running Sneakers Store | Nike Running