18th February 2020 22:12:39 Hours
නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය මගින් පාලනය කරනු ලබන වලච්චෙනෙයි නගරයට කිලෝමීටර 10 ක් නුදුරින් පිහිටි කයාන්කර්නි වෙරළබඩ ප්‍රදේශයේ පිහිටි ඉකුත් දිනයක ප්‍රතිසංස්කරණය කරන ලද ‘කොරල් කෝව්’ නිවාඩු නිකේතනය යුද්ධ හමුදා සාමාජිකයින් සහ මහජනතාවගේ විවේකය මෙන්ම සුවපහසුව වෙනුවෙන් විවෘතව පවතී.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ අඩු ජනාකීර්ණ ස්ථානයක පිහිටා ඇති ‘කොරල් කෝව්’ වෙරළ තීරය පිරිසිදු ජලය, විස්මිත කොරල් පර සහ විවිධ මත්ස්‍යයින්ගෙන් යුත් ඉතා නොගැඹුරු දියේ ස්නානය සඳහා සුදුසු ආරක්‍ෂිත ස්ථානයකින් වටවී ඇත. නවාතැන් හා සේවාවන් සමඟ ගැලපෙන නවීන හා සශ්‍රීක නේවාසික පසුබිමක් ඇති ‘කොරල් කෝව්’ නිවාඩු නිකේතනය සංචාරකයින්ට ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පොලොන්නරුව යන ප්‍රදේශවල පිහිටි සංචාරක ආකර්ෂණීය ස්ථාන වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි සුවිශේෂී මතකයක් තුළින් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත මෙම නිවාඩු නිකේතනය නව මුහුණුවරකින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු අවශ්‍ය උපදෙස් ලබාදී තිබුණි.
දුරකථන අංක 027-3272627/ 076-5303732/027-3281937 හරහා ‘කොරල් කෝව්’ කළමනාකාරිත්වය හා සම්බන්ධවීමෙන් පසු මහජනතාවට නවීන පහසුකම්වලින් සමන්විත මෙම පිරිසිදු ස්වාභාවික වෙරළ තීරය සහිත නිවාඩු නිකේතනයේ සේවාවන් සහනදායි මිලකට භුක්ති විඳිය හැකිය. විද්‍යුත් තැපෑල: coralcovekarankerni@gmail.com අමතා මෙම නිවාඩු නිකේතනය වෙන් කරවාගැනීමට හැකියාවත් ඇත. Best jordan Sneakers | NIKE HOMME