18th February 2020 12:51:55 Hours
සඳුන්පුර ප්‍රදේශයේ පිහිටි ආධුනික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන කාන්තා සෙබළියන් වෙනුවෙන් ‘තරුණ වයස සහ කාන්තා සෙබළියන්’ යන මැයෙන් හරවත් දේශනයක් ජාතික ශිෂ්‍යභට බලකායේ ලුතිනන් කර්නල් බී. ජී. එස්. සමන්ති විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (13) දින එම පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ මෙම දේශනය තුලින් එදිනෙදා පවතින ගෘහස්ථ හා සමාජීය ගැටළු මෙන්ම යුද්ධ හමුදා සෙබළියන්ගේ පෞද්ගලික අවශ්‍යතා යන කරුණු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බදුන්විය. මෙම දේශනයට නිලධාරීනියන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකාවන් 100 ක් පමණ සහභාගී වූහ. Nike shoes | Marki