18th February 2020 17:41:48 Hours
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ පරිපාලන කටයුතු පිළිබඳ නිරීක්‍ෂණය කිරීමේ අරමුණින්, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඉකුත් සඳුදා (17) දින ත්‍රිකුණාමලයේ පිහිටි එම විද්‍යාලයේ සංචාරයක නිරතවිය.
භඨකාර්ය සම්පාදන විද්‍යාලය වෙත සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් එම විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එල්.ඩී.එස්.එස් ලියනගේ, නියෝජ්‍ය සේනාවිධායක කර්නල් එම්.එම් සල්වතුර ඇතුළු ආයතන සාමාජිකයින් සහ එම විද්‍යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම සංචාරය පිළිබඳ මතකයන් සනිටුහන් කිරීමට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් භඨකාර්ය සම්පාදන විද්‍යාල පරිශ්‍රයේ අඹ පැලයක් ද රෝපණය කරන ලදී.
භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ ප්‍රධාන උපදේශක කර්නල් එච්.ඒ.එම්. ප්‍රේමරත්න විසින් එම විද්‍යාලයේ පුහුණු වැඩසටහන් සහ අනෙකුත් ක්‍රියාකාරී අංශයන් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරමින් මාණ්ඩලික ප්‍රධානීතුමන් දැනුවත් කරන ලද අතර දිනයේ වැඩසටහන අවසන් වීමට ප්‍රථම, මාණ්ඩලික ප්‍රධානීතුමන් එම විද්‍යාල පරිශ්‍රයේ සංචාරයක නිරත විය.
එදින සන්ද්‍යාවේ එම විද්‍යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කරනු ලැබූ කෙටි උත්සවයක් සඳහා එතුමන් වෙත ආරාධනා කරනු ලැබුණු අතරම මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සිදුකළ සංචාරය සනිටුහන් කරමින් භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක විසින් එතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රධානය කළේය. affiliate link trace | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals