Header

Sri Lanka Army

Defender of the Nation

20th February 2020 14:47:06 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ට එරෙහිව එක්සත් ජනපදය පැනවූ සංචාරක තහනමට එරෙහිව සර්ව ආගමික නායකයින්, බුද්ධිමතුන්, ජනමාධ්‍යවේදීන්, දේශපාලන නායකයින් සහ දේශප්‍රේමීන් දැඩි විරෝධය දක්වති

ඩයස්පෝරාව විසින් මෙහෙයවනු ලබන ඊනියා යුද අපරාධවලට එරෙහිව ‘කිසිදු සාක්‍ෂියක් හෝ සෘජුව ඔප්පු කළ හැකි චෝදනාවක් නොමැති විට’ අනවශ්‍ය ලෙස එක්සත් ජනපද සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සම්බන්ධතාවයන්ට බලපෑමක් එල්ල කරමින් ශ්‍රී ලංකාවේ වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලෙස කටයුතු කරන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් එක්සත් ජනපදය පැණවූ සංචාරක තහනම පිළිබඳ තාර්කීක බුද්ධියක් ඇති සර්ව ආගමික නායකයින්, රාජ්‍ය නොවන සංවිධාන, දේශපාලන නායකයින්, දේශප්‍රේමීන්, ජනමාධ්‍ය ඇතුළු විවිධ මත දරන්නන් එක්සත් ජනපද ස්ථාවරය සම්බන්ධයෙන් නැගී සිටින ලෙස මහජනතාවට ආරාධනා කරයි.

ශ්‍රී ලංකාවේ බෞද්ධ සම්ප්‍රදායේ මුදුන් මල්කඩ වන මල්වතු සහ අස්ගිරි මහානායක නාහිමිවරුන් එක්සත් ජනපදය දෙමළ ඩයස්පෝරාවේ බලපෑමෙන් දේශපාලන වාසි සඳහා ගනු ලැබූ තීරණය නිසැකවම හෙළා දකින අතර පදනම් විරහිතව එක්සත් ජනපදය මගින් එල්ල කරන ලද චෝදනාවලට එරෙහිව ජාතියක් හැටියට නැගී සිටින ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටියහ. තවද, ‘දිවයින’ සහ ‘අරුණ’ මෙන්ම ‘ඩේලි නිවුස්’ පුවත්පත්වල කතුවැකිවල මෙතරම් ප්‍රමාදයකින් එවැනි තහනමක් පැනවීමේ ඥාණවන්තභාවය සහ එවැනි හදිසි තහනමක් ප්‍රකාශයට පත් කළ ආකාරය ගැන ප්‍රශ්න කර ඇත.

එක්සත් ජනපදය විසින් යළි සලකා බලා වහාම එය ඉවත් කළ යුතු බව දේවගැති පූජ්‍ය බෙන්ඩික්ට් ජෝශප් පියතුමන්, අස්ගිරි පාර්ශවයේ ලේකම් පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන්, මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිවුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන්, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමිපාණන්, අමාත්‍යවරුන් වන සී.බී. රත්නායක සහ ජයන්ත සමරවීර ආදී විසින් මාධ්‍ය හරහා ලබාදුන් අදහස් සහ ප්‍රකාශයන්හි වැඩිදුරටත් සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික මාධ්‍යවල පළ වූ පුවත් කිහිපයක් පහත සඳහන් කර ඇත. Buy Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp