Header

Sri Lanka Army

Defender of the Nation

17th February 2020 19:59:22 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ සිදුකළ සංචාරය අතරතුරදී අමාත්‍ය මණ්ඩල රැස්වීමකට එක්වෙයි

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳුදා (17) දින ඉදිකරමින් පවතින කොස්ගම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වූ අතර එම අවස්ථාවට අනපේක්ෂිත ලෙස සහභාගි වූ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් පිරිසක්ද යුද්ධ හමුදාධිපතිතුමන් හමුවිය.

ගරු උසස් අධ්‍යාපන, තොරතුරු හා මාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන,  ගරු ගීතාංජ ගුණවර්ධන (පාර්ලිමේන්තු මන්ත්‍රී) සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා සමඟ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා සහ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයට යාබදව පිහිටි සීතාවකපුර තක්‍ෂණ විශ්ව විද්‍යාලය සඳහා යෝජිත ස්ථානය පරීක්‍ෂා කරන ලදී. එම ස්ථානයට යාමට ප්‍රථම, ඔවුන් සියලුදෙනා එහි ඉදිකිරීමේ කටයුුතු සහ වෙනත් අදාළ කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවක් කළහ.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග ඇතුළු ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු සහ අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු ද මෙම සාකච්ඡාව වෙනුවෙන් සහභාගී වූහ. best shoes | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD