Header

Sri Lanka Army

Defender of the Nation

17th February 2020 20:00:18 Hours

අඩු ආදායම්ලාභි පවුල් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය හා පාසල් උපකරණ බෙදාදීම සඳහා යුද්ධ හමුදා සහය

222 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් කන්තලේ, මහවැලිපුර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වලට සහ එම පවුල්වල පාසල් සිසුන්ට වියළි සලාක ඇසුරුම්, ගෘහ උපකරණ සහ අත්‍යවශ්‍ය පාසල් උපකරණ තොගයක් ඉකුත් සෙනසුරාදා (8) දින මහවැලිපුර විහාරස්ථානයේදී පරිත්‍යාග කරන ලදී.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 222 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් විරාජ් විමලසේන ගේ ඉල්ලීමකට අනුව පානදුර ‘සම්පත් සෝෆා’ සංවිධානයේ සභාපති සම්පත් ෆොන්සේකා මහතා විසින් මෙම අත්‍යවශ්‍ය උපකරණ තොගය පරිත්‍යාග කිරීම වෙනුවෙන් වූ සමාජ සත්කාරය සඳහා සිය මූල්‍ය අනුග්‍රහකත්වය ලබා දී තිබුණි.

ඒ අනුව පැවැති සරල උත්සවයේදී එක් පවුලකට රුපියල් 6000.00 ක් වටිනා වියළි සලාක පාර්සලයක් සහ ඇඳුම් ආයිත්තම් මෙන්ම සිසුන් සඳහා අත්‍යවශ්‍ය පාසල් උපකරණ කට්ටල ලබාදෙන ලදී. පාසල් සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම සහ ප්‍රදේශයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවාලීමට සහයෝගය ලබාදීම මෙම වැඩසටහනේ තවත් ප්‍රධාන අරමුණක් විය.

මෙම අවස්ථාවට 222 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ලුතිනන් කර්නල් එච්.එම්.ඒ.පී. කුමාර, 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එල්.ඩබ්ලිව්.බී. රිදීමාලියද්ද ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Sport media | Men’s shoes