14th February 2020 20:20:32 Hours
කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ඉකුත් අඟහරුවාදා (11) දින 652 වන බලසේනාවේ සහ ඒ යටතේ පාලනය වන 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සංචාරයක නිරතවු අතර පසුව 574 වන බලසේනාවේ සහ ඒ යටතේ ඇති 3 වන ගජබා රෙජිමේන්තුව සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව නිරික්‍ෂණය කරන ලද අතර එදිනම එතුමන් අම්පකාමම් 57 වන සේනාංක බළඇණි පුහුණු පාසල වෙතද සංචාරය කරන ලදී.
652 වන බලසේනාව වෙත සපැමිණි කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එම්.එච්.ඩී බණ්ඩාර සහ 652 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා විසින් උණූසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව 574 වන බලසේනා මූලස්ථානය වෙත සපැමිණි කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී.බී.එස් ද සිල්වා සහ 574 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වී.ඩි.එස් පෙරේරා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවෝය.
ඉන් අනතුරුව එතුමන් විසින් සිදුකරන ලද භඨ පිරිස් ඇමතීමේදී නිලධාරීන්ගේ සහ සෙසුනිළයන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සහ කාර්යක්‍ෂමතාව සහ විනය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීම සඳහා පුහුණුව තුළින් ලැබෙන වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය.
පසුව, බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් සේනාංකාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන් ඉදිරියේ බලසේනාවන්හී ඉදිරි මෙහෙයුම් සහ පරිපාලන කටයුතු පිළිබඳ කෙටි හැදින්වීමක් සිදු කරන ලද අතර අනතුරුව ආඥාපතිතුමන් බලසේනාවන් හා ඒකකයන් හි සංචාරයක නිරත විය. Running Sneakers Store | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth