14th February 2020 20:15:32 Hours
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එච්.එල්.වී.එම් ලියනගේ ගේ අධීක්‍ෂණය යටතේ ‘තෘප්තිමත් හමුදා ජීවිතයක්’ පිළිබඳ අධ්‍යාපනික දේශන සැසි දෙකක් නිලධාරීන් සහ සෙසුනිලයින් වෙනුවෙන් ඉකුත් අඟහරුවාදා (11) දින කැලණිමුල්ලේ පිහිටි 2 වන ශ්‍රී ලංකා පාබල හමුදා මුලස්ථානයේදී සහ බදාදා (12) දින බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
මෙම දේශන සැසි නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් වන කර්නල් ආර්.එම්.එම්. මොණරාගල, මේජර් එම්.පී.ඒ. ප්‍රියංකර, ලුතිනන් එම්.පී.එම්.පී. ප්‍රියතිලක, ලුතිනන් ජෙ.ඩි.වී.සී. ජයකොඩි සහ ලුතිනන් පී.එම්.ටි.එච්.ආර්. විජේසේකර විසින් මෙහෙයවනු ලැබීය. latest Nike Sneakers | Patike